:::Toote Huwe... පායා ඇයි හිනැහෙන්නේ...:::


ලැබුවාවූ නව වසර පැරණි හින්දි ගී රසික සියළු දෙනාට සුභම සුභ නව වසරක් වේවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා ඕං..

2010 අවුරුද්දේ පළමුවෙනි සින්දුව දෙන්න තමයි යන්නේ ඔන්න... මේ සින්දුව ඊයෙත් අදත් හෙටටත් අති ජනප්‍රිය එකක්...

"පායා ඇයි හිනැහෙන්නේ... නිල් ගුවනේ තරු රාශී... ඇති වී.. නැති වී නම් ඇගේ මුහුණේ.. නිල්වන් දෙනෙතේ කාන්තී..."

කොයි කවුරුත් ආස ඇති මේ සින්දුවට නේද ? අපේ එච්. ආර්. ජොතිපාල මහත්තයා ඉතාම හැඟුම්බර විදිහට ගායනා කරන මේ ගීයට ඉස්සර කෙල්ලෝ ඉකි ගගහා ඇඬුවාලු කියලාත් ආරංචි වුනා.. කරුණාරත්න අබේසේකර මහත්තයා තමයි පද ටික ලියලා තියෙන්නේ..

සමහරු නම් දන්නෙත් නැතුව ඇති මේක හින්දි කොපියක් කියලා... ඒත් මධුමතී (හින්දි) චිත්‍රපටිය බලපු අයට නම් මතක ඇති මේ තනුව.. 1958 තිරගත වුන මධුමතී චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ බිමල් රෝයි මහත්තයා... '40 හා '50 දශකයේ ෂාරුක් ඛාන් වුනු දිලිප් කුමාර් මහත්තයාත් එක්ක වෛජයන්ති මාලා තමයි රංගනයෙන් දායක වුනේ... ඉතාමත් ජනප්‍රිය ගීත ගණනාවක් මේ චිත්‍රපටියේ තිබුනා.. ෂයිලේන්ද්‍රගේ ගී පද වලට සලීල් චොවුද්රී තමයි සංගීතය එකතු ක‍ලේ.. මේ ගීතය තමයි "ටූටේ හුවේ ක්වාබෝනේ" කියලා කියන්නේ... සිංහල තේරුම "සිහින බිඳී ගියා" කියන එක.. ඔක්කොම නම් කියන්න අමාරුයි... :)

ඔන්න තියෙනවා සිංහල එකයි හින්දි එකයි දෙකම බාගන්න..

ටූටේ හුවේ ක්වාබෝනේ - මොහොමඩ් රාෆි

පායා ඇයි හිනැහෙන්නේ... - එච්. ආර්. ‍ජෝතිපාල


උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

4 comments:

Thameera said...
January 2, 2010 at 9:01 PM

සිංහල එක හින්දි එකට වඩා ලස්සනයි නෙව!

෴ Residence Of Hasiya ෴ said...
January 2, 2010 at 9:34 PM

එළ එළ....මගේ ප්‍රියතම සිංදුවක් තමයි මේක.හැබැයි මේක හින්දි කොපියක් කියලා නම් දැන්න උන්නේ නැ.බොහොමත්ම ස්‍තුතියි.
වැඩෙත් එළ.අද තමයි දැක්කේ මේ බ්ලොග් අඩවිය.කෙසේ වෙතත් සාර්ථකව දිගුගමන්ක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල හදවතින්ම සුභ පතනවා.
අපි ඉන්නවා බලන්න්න...දිගටම ලියන්න....

Anju said...
January 2, 2010 at 10:38 PM

අලුත් අවුරුද්දෙ මුලින්ම දාලා තියෙන්නෙ ලස්සනම සින්දුවක්..හින්දි ගීතය වගේම සිංහල 1ත් ලස්සනයි..

Anonymous said...
January 3, 2010 at 1:25 AM

මචන් බොහෝම ස්තුතියි මේ ගීතයට.

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...