:: Tum Bin... මේ ගී කාටදැයි.. ::



ඔන්න යාළුවනේ අද ගෙනාවා මගේ ප්‍රියතම හින්දි ගීත වලින් එකක් එක්ක ඒකේ සිංහල කොපිය..

තුම් බින් ජා‍ඕ කහා.. කේ දුනියාමේ ආකේ.. කුච්නා පිර් චහා සනම්.. තුම්කෝ චාහකේ.. තුම් බින්...

මේ සින්දුව අහලා නැති කෙනෙක් හොයන එක නම් නිකං කළුනික හොයනවා වගේ වෙයි... ඒ තරමට මේ සින්දුව ලංකාවේ ජනප්‍රියයි.. අඩුම තරමේ මේ තනුවවත්.. ඉතින් මේ සින්දුව අඩංගු‍ වෙලා තිබ්බේ 1969 තිරගත වෙච්ච "ප්යාර් කා මෝසම්" (Pyar Ka Mausam) කියන චිත්‍රපටියේ.. ආශා පරේක් එක්ක ශෂී කපූර් තමයි ප්‍රධාන රංගනයෙන් දායක වුනේ.. මේ ගීතය මේ චිත්‍රපටියේ දෙපාරක් ගායකයෝ දෙන්නෙක් ගායනා කරනවා.. ඒත් එක්කම ලතා මංගේෂ්කාර් යුග ගායනයෙනුත් දායක වෙන කොටසක් එක් ගීයක තියෙනවා.. මජ්රූ සුල්තාන්පුරීගේ පද වලට ආර්. ඩී. බර්මන් නොහොත් රාහුල් දේව් බර්මන් මහත්තයා තමයි තනුව සැකසුවේ..

මෑතකදී ආයෙත් මේ ගීතය "දිල් විල් ප්යාර් ව්යාර්" කියන චිත්‍රපටියට එකතු කලා.. හැබැයි නව සංගීතයත් එක්ක.. දකුණු ඉන්දියානු ගායකයෙක් වන "හරිහරන්" මහත්තයා තමයි මේ ගීතය අළුතින් ගායනා කලේ.. ඒත් පරණ ගීතය වගේ සංගීතය මිහිරි අඩු වුනාට, හරිහරන් මහත්තයාගේ ස්වර අලංකරණ වලින් මේ ගීතයට අළුත් එළියක් ලැබුනා කියලයි මට නම් හිතෙන්නේ..

ලංකාවේ මේ තනුව පාවිච්චි කරලා ගීතයක් ගායනා කලේ අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා.. කරුණාරත්න අබේසූරිය මහත්තයාගේ ගී පද වලින් තමයි මුල් තනුව හැඩවැඩ ගැන්නු‍නේ..

මේ ගී.. කාටදැයි.. ඔබ දන්නවා ඇති.. හිත ‍මගේ පිදු හැටී.. සිහිවේ නොනැවතී.. මේ ගී...

ඔන්න පල්ලෙහා හින්දි ගීත වල යූටියුබ් විඩීයෝ ටිකයි.. ඒ ගීත වල එම්.පී3 ගොනු සියල්ලමයි තියෙනවා අපේ යාළුවොන්ට බා ගන්න.. ඔන්න සිංහල ගීතයත් තියෙනවා...










තුම් බින් ජා‍ඕ කහා..1 - ප්යාර් කා මෝසම්

තුම් බින් ජා‍ඕ කහා..2 - ප්යාර් කා මෝසම්

තුම් බින් ජාඕ කහා..3 - දිල් විල් ප්යාර් ව්යාර්

මේ ගී කාටදැයි... - ජෝතිපාල
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

5 comments:

පොඩ්ඩා said...
December 19, 2009 at 7:46 AM

දුකා මේ සිංදුව ගැන මගෙන් අහ අහා හිටියා. මම පෝස්ට් කරන්නෙ සින්හලට පරිවර්තනය නොවුනු හින්දි සින්දු විතරක් නිසා මට ඒක කරන්න බැරි උනා. ස්තූතියි පෝස්ට් එකට.

ඉදිරි සටහනකදී ඒ මාලික් තෙරේ බන්දෙ හම් - ශ්‍රී සන්බුද්ධ රාජා වඳිම් ගීතයත් පල කරන ලෙස ඉල්ලා සිටිනවා. ජය වෙවා.

Anju said...
December 20, 2009 at 9:17 AM

හොඳ සින්දුවක්...!

දුකා said...
December 20, 2009 at 5:55 PM

ah . . onna kaalayak pula pulaa bala siti sinduwak ape udara malliyaa daala . . . thnkoooo wewaa. .. .

Udara || උදාර ධර්මසේන said...
December 20, 2009 at 7:14 PM

පොඩ්ඩා - ඔයාගේ බ්ලොග් එක මං අද දැක්කේ.. බොහොම හොඳ වැඩක්.. මට ගොඩාක් හොඳට හින්දි බැරි හින්දා මං පරිවර්තනය කරන්නේ නෑ.. වැඩේ දිගටම කරගෙන යන්න ඔන්න මං සුභ පතනවා..

Udara || උදාර ධර්මසේන said...
December 20, 2009 at 7:17 PM

දුකායියාට - මං හිතුවේ දුකා අයියාට අපිව අමතක වෙලා කියලා.. දැන් ලොකු මිනිස්සුනේ.. නැද්ද ? :)

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...