Muje Tum... ස‍ඳේ එන්නම් ඔබේ ලෙනටා...



අදත් ගෙනාවා කාලයක් සෑහෙන ජනප්‍රිය වුන ගීතයක්... සුපුන් මලයා, තමීර, දුකායියා, නොදරුවා දාපු කමෙන්ට් ටික නම් මට වටිනවා වැඩේ කරං යන්න..

කොයි කවුරුත් අපේ රූපා ඉන්දුමතී නෝනා දන්නවා ඇති නේද ? අර එක ගඟක ඉවුරු දෙක කවදා සින්දුව කියන්නේ... අර විදුලි දුම්රියේ චංචල නාදේ කියන්නේ... දැන් මතකයි නේද ? ආහ් හරි.. ඒ නෝනාම කියන තව සින්දුවක් තියෙන්නේ,
"සඳේ එන්නම්, ඔබේ ලෙනටා... සිසාරා නිල් ගුවන් ගැබටා.." කියලා.. ඔන්න ඒක තමයි අද අරගෙන ආවේ..

ගොඩක් අය දන්නේ නැතුව ඇති ඒක හින්දි කොපියක් කියලා නේද? ඒ තරම් ලස්සනට මුල් තනුවට සිංහල පද ගලපලා තියෙනවා..

‍මේ සිංහල සින්දුවට අදාල මුල් තනුව තිබුනේ 1966 තිරගත වුන "ලව් ඉන් ටෝකියෝ" (Love in Tokyo) චිත්‍රපටයේ.. මුජේ තුම් මිල් ගයේ හම් දම්..." කියන සින්දුවේ... සුපුරුදු විදිහට භාරත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය, ශංකර්-ජයකිෂන්ගේ මන මෝහනීය සංගීතයට තමයි මේ සින්දුව ගායනා කලේ.. තවත් මේ චිත්‍රපටියේම ආපු ජනප්‍රිය ගීයක් තමයි "ස‍යොනාරා සයොනාරා" කියන එක.. ගොඩක් අය අහලා ඇති.. ජෝයි මුඛර්ජි එක්ක ආශා පරේක් කියන සුරූපි නිළිය තමයි මේකේ රඟපෑවේ..

ඔන්න තියෙනවා හින්දි සින්දුවේ යූටියුබ් වීඩියෝ එකත් එක්ක සිංහල සින්දුවේ එම්පී 3 එකයි හින්දි සින්දුවේ එම්පී 3 එකයි... බාගෙන රස විඳින්න...




ස‍‍ඳේ එන්නම් ඔබේ ලෙනටා - රූපා ඉන්දුමතී

මුජේ තුම් මිල් ගයේ ‍හම් දම් - ලතා මංගේෂ්කාර්
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

7 comments:

හසිත මදුශංක said...
December 11, 2009 at 12:14 AM

වැඩේ නම් එල. තැන්කූ සින්දු වලට. නරකද http://www.fileden.com/ සයිට් එකට MP3 එක Upload කරලා. Direct Download Link එකක් ලබා දුන්නොත්. එතකොට ඔය වෙන වෙන සයිට් ගානේ රස්තියාදු වෙන්න වෙන්නේ නැහැ. මගේ ටොරන්ට් සයිට් එකට මම torrent දාන්නේ එහෙමයි.

වැඩේ දිගටම කරන් යන්න මගේ සුබ පැතුම්

තිස්ස දොඩන්ගොඩ said...
December 19, 2009 at 7:33 PM

වැඩේ නම් පංකාදුයි... ඔය සින්දුවේ තනුවටම කරපු තව සිංහල සින්දුවක් තියනවා...ඒක අයිරීන් ද අල්විස් ගේ... "මගේ හද ප්‍රේම දායාදේ..." කියල තමයි පටන් ගන්නේ...රියල් ප්ලේයර් එකෙන් අහන්න පුලුවන් ලින්ක් එකක් මෙතන ඇති... http://www.infolanka.com/miyuru_gee/qqq/q171.ram

Udara || උදාර ධර්මසේන said...
December 20, 2009 at 8:17 PM

හසිත - ස්තූතියි කමෙන්ටුවට.. අනේ මට හොඳ අන්තර්ජාල සපැයුමක් නෑ.. ඉතින් අප්ලෝඩ් කරන්න අමාරුයි.. වෙනින් තැන් වල තියෙන ඒවා හොයලා තමයි දාන්නේ දැනට.. ඉස්සරහට බලමු මොනවාහරි ‍කරන්න..

තිස්ස - ෂා.. මං මේ සින්දුව අහලා තිබුනේ නෑ.. මේ සින්දුවේ එම්.පී.3 එක තිබ්බොත් දෙන්න...

Surani said...
April 6, 2010 at 2:33 PM

beatiful!

SR said...
April 12, 2010 at 1:05 PM

Machan .. wede ela... eath mata nikan mata hithenawa sinhala sinduwa kiyanne Amitha Wedisinghe miss da kiyala .. Anyway Im not an expert.. eath poddak check karala balapan Amitha Wedisinghe da Roopa Indumathi da kiyala...

Udara || උදාර ධර්මසේන said...
April 12, 2010 at 1:11 PM

@ සෑම් - නෑ මචං.. මේ සින්දුව කියන්නේ රූපා ඉන්දුමතී මහත්මිය.. තහවුරු කරගන්න ඕනේ නම් මෙතනට ගිහින් බලන්න.. http://www.infolanka.com/miyuru_gee/ll/l475.ram ස්තූතියි ප්‍රතිචාරයට.. දිගටම බලන්න..

Bindi said...
September 2, 2012 at 8:27 PM

මේ සින්දුව කිව්වේ ලතා දිසානායක කියල ඇනෝ කෙනෙක් කියා තිබුන . රවී සහ තිස්සගේ උදව්වෙන් මේ පැත්තේ ආවේ . මන් මේ හින්දි චිත්‍රපටය බලලත් තියෙනවා . ස්තුතියි

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...