Jab Jab bahar aaye... දෙව්දුව පලාගියාදෝ...


කාලෙකින් තමයි ඔන්න පැරණි ගීතයක් බෙදා හදා ගන්නේ... පහුගිය ටිකේ වැඩ ගොඩකුයි ගමන් ගොඩකුයි තිබුන නිසා මුකුත් කරගන්න බැරිවුනානේ... මගේ අනික් බ්ලොග් එකේ නම් ලිපියක් දෙකක් දැම්මා ඉතින්...

ඔන්න අද ගෙනාවා අදටත් ගොඩාක් ජනප්‍රිය ගීතයක්... කලින් දාපු ගීත ගොඩක් ජොතිපාල මහත්මයා ගායනා කරපුවා.. අද ගීතය ගායනා කරන්නේ ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා.. ඒ කියන්නේ ප්‍රියංකර පෙරේරාගෙයි චලක චමුපතිගෙයි තාත්තා...

දෙව්දුව පලා ගියාදෝ... පුදසුන ගරා වැටීදෝ... හද රන් දේවාලේ...

මේ සිංහල ගීතයේ තනුව හින්දි එකක්... 1967 තිරගත ‍වුන තක්දීර් (Taqdeer) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. තක්දීර් කියන්නේ "දෛවය"ට..

ජබ් ජබ් බහාර් ආ‍යේ.. ඔර් පූල් මුස්කුරායේ... මුජේ තුම් යාද් ආයේ...
(සිංහල තේරුම - වසන්තය නැවත නැවතත් උදාවන විට.. මල් හිනැහෙන විට... මට ඔබව මතකයට එනවා...)

භාරත් භූෂන්, ෆරීදා ජලාල් තමයි මේ චිත්‍රපටියේ රඟපෑවේ.. ෆරීදා ජලාල් නම් තාමත් රඟපානවා.. කුච් කුච් හෝතා හේ එකේ අම්මාට හිටපු නිළිය මතක ඇති හැමෝටම... අන්න එයාට තමයි ෆරීදා ජලාල් කියන්නේ... මෙයා ආරාධනා චිත්‍රපටියෙත් රඟපෑවා..

ජබ් ජබ් බහාර් ආයේ ගීතය ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර් එක්ක මොහොමඩ් රාෆි... ‍ආනන්ද් භක්ෂි ලියපු පද වලට ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් තමයි සංගීතය මුසු කරලා මෙච්චර හිතට වදින විදිහට ගීතය හැඩ වැඩ කරලා අරන් තියෙන්නේ...

ඔන්න පල්ලෙහා තියෙනවා ලින්ක් හින්දි සින්දුව බලන්න හා බාගන්න... හින්දි සින්දුවේ මොහොමඩ් රාෆි කියන එක මුලින්ම තියෙනවා.. මේ ළඟදී සෝනු නිගම් මහත්තයාත් ලස්සනට කියලා තිබුනා... ඒක නිසා ඒකත් අහලා බලන්න... සිංහල එකේ එම්පී3 එකත් තියෙනවා ඔන්න...




ජබ් ජබ් බහාර් ආයේ.. - මොහොමඩ් රාෆි

ජබ් ජබ් බහාර් ආයේ.. - සෝනු නිගම්

දෙව්දුව පලා ගියාදෝ... - මිල්ටන් පෙරේරා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

9 comments:

budhajeewa said...
December 5, 2009 at 8:22 AM

ලස්සන සිංදුව. තැංකූ වේවා!

Thameera said...
December 6, 2009 at 6:25 AM

දෙකම කලින් අහල තිබුණෙ නෑ, ඒත් මාර ලස්සන සින්දුවක්

දුකා said...
December 6, 2009 at 3:12 PM

shaa niyamai . . . podi kaale idan aasawen ahapu sinduwak. thankoo udara male

Unknown said...
December 8, 2009 at 11:23 AM

මචං, මේක නම් ඇත්තටම මට හුඟක් වටිනව. සමහර පැරණි සිංහල චිත්‍රපට වල ගීත හින්දි තනු වලට නිර්මාණය වුන බව දන්නව වුනත් හරි හිංදි ගීතය හොයාගන්න දන්නෙ නැතුව ඉන්නෙ. මොකද මමත් හරිම කැමතියි ගීත දෙකම අහල රස විඳින්න. වෙලාව තියෙන වෙලාවට මේ වැඩේ දිගටම කරන්න.
ජය!

Narada said...
December 11, 2009 at 5:53 AM

Great Work Bro, Provide sinhala meaning of those hindi songs only if you can. :)

Udara || උදාර ධර්මසේන said...
December 20, 2009 at 8:23 PM

බුදා,තමීර,දුකායියා - බොහොම ස්තූතියි කමෙන්ටුවක් දැම්මාට.. දිගටම බලන්න..

නොදරුවා - අනිවා මචං.. දිගටම මං සින්දු දානවා.. ඊයේ මට උඹව හරියට අඳුනාගන්න බැරි වුනා.. එළියට ගියාට පස්සේ තමයි උඹ සඳුන්-නොදරුවා කියලා දැනගත්තේ.. නැත්තම් කථාකරන්න තිබ්බා ටිකක් වැඩිපුර..

බින්කු - මචං පොඩ්ඩාට කියලා මං මේවා පරිවර්තනය කරවන්න බලන්නම්..

Anonymous said...
January 22, 2010 at 9:55 AM

එදා රසික හද බැදගත් හින්දි ගිත සිංහලට හැරවු අපේ කලාකරැවන්ට ප්‍රනාමය...උදාර ලමයාට බොහොම පිං.

ලක්මාල් බලපිටිය - LaKmAl BaLaPiTiYa said...
April 5, 2013 at 8:27 PM

ඔය තනුවටම බෙග් මාස්ටර් සිංදුවක් කිව්වා
http://www.youtube.com/watch?feature=player_detailpage&v=94Os8nD0LEs ගිහිල්ලා බලන්නකෝ
ඔය හද පතාලා ආමී......

Anonymous said...
June 3, 2014 at 2:25 PM

Thank you very much.I sing hindi songs and this helps me to find karaoke tracks available on youtube

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...