Gunguna Rahi... සුසුදු රැල්ල...

මේ හින්දි ගීතය බොහෝ අය රසවිඳලා ඇති... ආරාධනා චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ආශා බොස්ලේ ගායනා කරන "ගුන්ගුනා රහී හේ" ගීතයට රංගනයෙන් දායක වුනේ රාජේශ් ඛන්නා හා ශර්මිලා තාගෝර්... මේ ශ්‍රේෂ්ඨ නළු නිළි දෙපළම තාමත් අප අතරේ ඉන්නවා.. රාජේශ් ඛන්නා නම් දැනට රඟපාන්නේ නෑ.. හැබැයි ශර්මිලා තාගෝර් නම් මේ ළඟදිත් ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිතයට රඟපාන චිත්‍රපටියක මවකගේ චරිතය රඟපෑ‍වා... 8X10 Thasweer ඒ චිත්‍රපටියේ නම... ඒ ගැන තොරතුරු මෙතනින් බලන්න පුළුවන්... ශර්මිලා තාගෝර් කියන්නේ සයිෆ් අලී ඛාන්ගේ අම්මා බව ගොඩක් අය දන්නවා ඇති.. ඉතින් ආරාධනා චිත්‍රපටිය නරඹපු කාටවත් මේ සින්දුව නම් අමතක වෙන්න විදිහක් නෑ.. ආහ්.. මේ ගීතය රචනා කලේ ආනන්ද් බක්ෂි, සංගීතය එස්. ඩී. බර්මන්...

හැබැයි කොයි කවුරුත් දන්නවා "සුසුදු රැල්ල වැල්ලේ පෙරලී" ගීතය... ගුන්ගුනා රහී‍ හේ ගීතයේ තනුවට අපේ එච්. ආර්. ජෝතිපාල (හදවත රත්තරන් ජෝතිපාල) මහත්තයා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය එක්ක "අභිරහස" චිත්‍රපටියට තමයි සුසුදු රැල්ල ගීතය ගායනා කලේ... හින්දි ඔන්න පහල දාලා තියෙනවා ඔරිජිනල් එකයි සිංහල කොපියයි දෙකම කට්ටියට බලාගන්න... හින්දි එකේ Mp3 එකත් මෙතන තියෙනවා...

මෙතනින් mp3 ගොනුව බාගන්න..



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

3 comments:

උෂාන් කෝදාගොඩ විතාරණ said...
October 9, 2009 at 8:49 PM

එල වැඩේ...
හින්දි එකේ වගේ සිංහල එකේ ගතියක් නෑ. හින්දි එක මරු. දිගටම කරන් යන්න ජය වේවා !!!

Udara || උදාර ධර්මසේන said...
October 9, 2009 at 8:51 PM

උෂාන් - බොහොම ස්තූතියි කමෙන්ටුවට...

සහන් සටහන් said...
October 10, 2009 at 11:47 PM

අයියෝ මම මේ හින්දි කොපි කිරීම ගැන post එකක් දාන්න හිතාගෙන ඉන්නකොට තමයි මේක දැක්කේ තව ඩිංගෙන් වස නෝන්ඩිය(හැබැයි මම දිගටම ඔයා වගේ මේකම නෙමෙයි කරන්නේ හිතට එන දේ ලියනවා) නමුත් මේක නියම වැඩක් මොකද ලංකාවෙ මිනිස්සුන්ට මේව පෙන්නන්න ඕන අනුන්ගෙ යමක් කොපි කරල හරියට තමන්ගෙ වගේ පෙන්නන එක මල චාටර් වැඩක්.අපි මාර ලස්සන සිංදු කියල අහගෙන ඉන්නවා ඔන්න අහම්බෙන් වගේ ඇහෙනවා ජෝතිපාලගෙ වගේම සිංදුවක් අමුතු විදිහට බැලින්නම් ඒක තමයි ඔරිජිනල් එක අපි මුලුන් අහල තියෙන්නෙ හම්පඩ කොපියනේ, ඒ වෙලාවට තමා ජාතිය ගැනම කලකිරෙන්නේ නමුත් ඉන්දියාවෙ මිනිස්සු මීට වඩා හුගක් ඉදිරියෙන් ඉන්නවා හැබැයි එහෙම නැත්තෙත් නෑ (Koy mil gaya චිත්‍රපටය steven spielberg ගෙ ET කොපි කලාවගේ). ඕක ඉස්සර ඉදන්ම තියන කැත පුරුද්දක්.. හැබැයි ඔව්වා අගයන්න නම් සෑහෙන කස්ටිය ඉන්නවා.........ආ මේක දැන් පරම්පරාවට ගිහින් එහෙනම් මම ඒ ගැන ලියන්නම්.

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...