Ye Shyam Masthani... ජීවිතේ තරුණ කාලේ...




ඔන්න දවස් කීපයකින් තමයි අළුත් බ්ලොග් ලිපියක් ලියන්නේ.. වැඩ වැඩ වැඩ තමයි ඉතින්...

අදත් ඉතාමත් ජනප්‍රිය වුන පැරණි හින්දි ගීතයක් හා එහි රසය නොනැසෙන ආකාරයට ලංකාවේ නිපදවූ පිටපත අපේ හින්දි ගී රසිකයෝ එක්ක බෙදා හදා ගන්න හිතුනා...

"යේ ෂ්‍යාම් මස්තානී..." "මේ ප්‍රීතිමත් සැන්දෑව..." මේ ගීතය 1970 වර්ෂයේ තිරගත වුන "කට්ටි පතන්" චිත්‍රපටයේ අඩංගු වන එකක්.. "කති පතන්" කියන්නේ "නූල කැඩුනු සරුංගලය" කියන එක.. රාජේශ් ඛන්නා සමග ආශා පරේකාර් තමයි රංගනයෙන් දායක වූනේ.. ආනන්ද් බක්ෂි රචනා කල ගී පද වලට සංගීතය මුසු කලේ රාහුල් දේව් බර්මන්.. ඒ කියන්නේ කොයි කවුරුත් දන්න කියන ආර්. ඩී. බර්මන්... එතකොට මේ ගීය ගායනා කරන්නේ කිෂෝර් කුමාර්... ඔන්න පල්ලෙහා දාලා තියෙනවා Youtube වලින් ගත්ත වීඩියෝ එකත් mp3 ආකාරයට තියෙන ගීතයත් දාලා තියෙනවා..

යේ ෂ්‍යාම් මස්තානී ගීතය අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා "ජීවිතේ තරුණ කාලේ" කියලා සිංහල පද යොදලා මුල් ගීතයේ රසයට කිසිම හානියක් නොවෙන විදිහට ලස්සනට ගායනා කලා... මේ දවස් වල මේ ගීතය එක එක ස්ටාර් වැඩසටහන් වල බොහෝවිට ගායනා කරනවා.. මං දන්න තරමින් මේ ගීය චිත්‍රපටයකට ගායනා කල එකක් නෙමේ.. කවුරුහරි මේ ගීය ගැන වැඩිදුර විස්තර දන්නවා නම් කරුණාකරලා කියන්න.. ඔන්න ජෝතිපාල මහත්තයා ගායනා කරන ඒ ගීතයේ mp3 එකත් පහලින් තියෙනවා..





Ye Shyam Masthani

ජීවිතේ තරුණ කාලේ



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Dheere Dheere Machal... හර්දේ රස මාළිගේ...

ඔන්න තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීතයක් මගේ පැරණි හින්දි ගී රසිකයන් එක්ක බෙදාගන්න හිතුනා... හැබැයි මේ හින්දි ගීතය අහලා නැති වුනාට තනුව නම්‍ හොඳට අහලා පුරුදු ඇති... හර්දේ රස මාළිගේ.. ප්‍රීතී දේ මා‍ හදේ.. කිව්වාම පොඩි ළමයෙක් පවා දන්නවා.. සකුන්තලා චිත්‍රපටයට සුජාතා අත්තනායක මහත්මිය තමයි ගායනා කලේ... මේ දවස් වල නම් සුපර්ස්‍ටාර් තරඟ වල ගොඩක් මේ ගීතට ගැයෙනවා මං අහලා තියෙනවා..

හැබැයි ගොඩක් අය දන්නේ නෑ මේ ගීතයේ ඔරිජිනල් එක... ඒක තමයි දීරේ දීරේ මචල් කියන ගීතය... 1966 අවුරුද්දේ තිරගත වුන අනූපමා චිත්‍රපටයට ලතා මංගේෂ්කාර් නෝනා තමයි ගායනා කරලා තියෙන්නේ...

මේ ගීත දෙකේම රූප රචනාව එකම වගේ.. අපි හරිම හොඳට කොපි කරලා තියෙනවා.. :)

ඔන්න වාසනාව‍ට වගේ සින්දු දෙකම youtube එකේ තිබ්බා... හින්දි සිංහල දෙකේම Mp3 ‍ගොනුත් හම්බුනා... ඔන්න තියෙනවා බාගන්න... තව විස්තර ඕනේ නම් අහන්නත් පුළුවන් ඕං..

Dheere Dheere Machal - Anupama


හර්දේ රස මාළිගේ - සකුන්තලා



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

Gunguna Rahi... සුසුදු රැල්ල...

මේ හින්දි ගීතය බොහෝ අය රසවිඳලා ඇති... ආරාධනා චිත්‍රපටයට මොහොමඩ් රාෆි හා ආශා බොස්ලේ ගායනා කරන "ගුන්ගුනා රහී හේ" ගීතයට රංගනයෙන් දායක වුනේ රාජේශ් ඛන්නා හා ශර්මිලා තාගෝර්... මේ ශ්‍රේෂ්ඨ නළු නිළි දෙපළම තාමත් අප අතරේ ඉන්නවා.. රාජේශ් ඛන්නා නම් දැනට රඟපාන්නේ නෑ.. හැබැයි ශර්මිලා තාගෝර් නම් මේ ළඟදිත් ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිතයට රඟපාන චිත්‍රපටියක මවකගේ චරිතය රඟපෑ‍වා... 8X10 Thasweer ඒ චිත්‍රපටියේ නම... ඒ ගැන තොරතුරු මෙතනින් බලන්න පුළුවන්... ශර්මිලා තාගෝර් කියන්නේ සයිෆ් අලී ඛාන්ගේ අම්මා බව ගොඩක් අය දන්නවා ඇති.. ඉතින් ආරාධනා චිත්‍රපටිය නරඹපු කාටවත් මේ සින්දුව නම් අමතක වෙන්න විදිහක් නෑ.. ආහ්.. මේ ගීතය රචනා කලේ ආනන්ද් බක්ෂි, සංගීතය එස්. ඩී. බර්මන්...

හැබැයි කොයි කවුරුත් දන්නවා "සුසුදු රැල්ල වැල්ලේ පෙරලී" ගීතය... ගුන්ගුනා රහී‍ හේ ගීතයේ තනුවට අපේ එච්. ආර්. ජෝතිපාල (හදවත රත්තරන් ජෝතිපාල) මහත්තයා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය එක්ක "අභිරහස" චිත්‍රපටියට තමයි සුසුදු රැල්ල ගීතය ගායනා කලේ... හින්දි ඔන්න පහල දාලා තියෙනවා ඔරිජිනල් එකයි සිංහල කොපියයි දෙකම කට්ටියට බලාගන්න... හින්දි එකේ Mp3 එකත් මෙතන තියෙනවා...

මෙතනින් mp3 ගොනුව බාගන්න..



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

පළමුවෙනි සටහන...

ඔන්න මම මගේ අනික් බ්ලොගේ පොරොන්දු වුන විදිහටම පටන් ගන්න යන්නේ අළුත් වැඩේ...

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගීත.....

සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ බොහෝ දෙනෙක්ට හොඳ රසඥතාවයක් තියෙනවා කියලා මට දැනෙනවා.. ඒ වගේම අපිට හොරා කමෙන්ට් නොදමා අපේ බ්ලොග කියවන බොහෝ දෙනෙකුටත් හොඳ රසඥතාවයක් ඇති කියල හිතෙනවා... ඉතින් පැරණි හින්දි ගීත කියන්නේ ඒ රසඥතා පිපාසය සංසිඳුවන්න පුළුවන් දිය දෝතක් වගේ මට නම් දැනෙන්නේ... ඒක නිසාම අද පටන් මං පැරණි හින්දි ගීත මගේ මිතුරු මිතුරියන් එක්ක බෙදා හදා ගන්නවා...

මේ බ්ලොග් සටහනේ ආකෘතිය වෙන්නේ මෙන්න මේකයි...
1. පැරණි හින්දි ගීතය - Mp3 ආකාරයට හා Youtube වල තිබේනම් පමණක්
2. එම පැරණි හින්දි ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය - Mp3 ආකාරයට හා Youtube වල තිබේනම් පමණක්
3. එම පැරණි හින්දි ගීතයේ සිංහල තේරුම - හින්දි සාමාන්‍යයෙන් මට පුළුවන් වුනත් මෙය කිරීමට කාලවේලාව ප්‍රශ්ණයක් විය හැක... නමුත් රුහුණු යකා එකඟ වුනොත් පහසු වනු ඇත...

ඉතින් තව අදහස් ‍තියෙනවා නම් මට කියන්න.. මෙන්න මගේ විද්‍යුත් තැපෑල....

ඉතින් අපි රසවිඳිමු... පැරණි හින්දි ගී....
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන