.jpg)
ඔන්න දවස් කීපයකින් තමයි අළුත් බ්ලොග් ලිපියක් ලියන්නේ.. වැඩ වැඩ වැඩ තමයි ඉතින්...
අදත් ඉතාමත් ජනප්‍රිය වුන පැරණි හින්දි ගීතයක් හා එහි රසය නොනැසෙන ආකාරයට ලංකාවේ නිපදවූ පිටපත අපේ හින්දි ගී රසිකයෝ එක්ක බෙදා හදා ගන්න හිතුනා...
"යේ ෂ්‍යාම් මස්තානී..." "මේ ප්‍රීතිමත් සැන්දෑව..." මේ ගීතය 1970 වර්ෂයේ තිරගත වුන "කට්ටි පතන්" චිත්‍රපටයේ අඩංගු වන එකක්.. "කති පතන්" කියන්නේ "නූල කැඩුනු සරුංගලය" කියන එක.. රාජේශ් ඛන්නා සමග ආශා පරේකාර් තමයි රංගනයෙන් දායක වූනේ.. ආනන්ද් බක්ෂි රචනා කල ගී පද වලට සංගීතය මුසු කලේ රාහුල් දේව් බර්මන්.. ඒ කියන්නේ කොයි කවුරුත් දන්න කියන ආර්. ඩී. බර්මන්... එතකොට මේ ගීය ගායනා කරන්නේ කිෂෝර් කුමාර්... ඔන්න පල්ලෙහා දාලා තියෙනවා Youtube වලින් ගත්ත වීඩියෝ එකත් mp3 ආකාරයට තියෙන ගීතයත් දාලා තියෙනවා..
යේ ෂ්‍යාම් මස්තානී ගීතය අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා "ජීවිතේ තරුණ කාලේ" කියලා සිංහල පද යොදලා මුල් ගීතයේ රසයට කිසිම හානියක් නොවෙන විදිහට ලස්සනට ගායනා කලා... මේ දවස් වල මේ ගීතය එක එක ස්ටාර් වැඩසටහන් වල බොහෝවිට ගායනා කරනවා.. මං දන්න තරමින් මේ ගීය චිත්‍රපටයකට ගායනා කල එකක් නෙමේ.. කවුරුහරි මේ ගීය ගැන වැඩිදුර විස්තර දන්නවා නම් කරුණාකරලා කියන්න.. ඔන්න ජෝතිපාල මහත්තයා ගායනා කරන ඒ ගීතයේ mp3 එකත් පහලින් තියෙනවා..
Ye Shyam Masthani
ජීවිතේ තරුණ කාලේ