
ඔන්න යාළුවනේ අද ගෙනාවා මගේ ප්‍රියතම හින්දි ගීත වලින් එකක් එක්ක ඒකේ සිංහල කොපිය..
තුම් බින් ජාඕ කහා.. කේ දුනියාමේ ආකේ.. කුච්නා පිර් චහා සනම්.. තුම්කෝ චාහකේ.. තුම් බින්...
මේ සින්දුව අහලා නැති කෙනෙක් හොයන එක නම් නිකං කළුනික හොයනවා වගේ වෙයි... ඒ තරමට මේ සින්දුව ලංකාවේ ජනප්‍රියයි.. අඩුම තරමේ මේ තනුවවත්.. ඉතින් මේ සින්දුව අඩංගු වෙලා තිබ්බේ 1969 තිරගත වෙච්ච "ප්යාර් කා මෝසම්" (Pyar Ka Mausam) කියන චිත්‍රපටියේ.. ආශා පරේක් එක්ක ශෂී කපූර් තමයි ප්‍රධාන රංගනයෙන් දායක වුනේ.. මේ ගීතය මේ චිත්‍රපටියේ දෙපාරක් ගායකයෝ දෙන්නෙක් ගායනා කරනවා.. ඒත් එක්කම ලතා මංගේෂ්කාර් යුග ගායනයෙනුත් දායක වෙන කොටසක් එක් ගීයක තියෙනවා.. මජ්රූ සුල්තාන්පුරීගේ පද වලට ආර්. ඩී. බර්මන් නොහොත් රාහුල් දේව් බර්මන් මහත්තයා තමයි තනුව සැකසුවේ..
මෑතකදී ආයෙත් මේ ගීතය "දිල් විල් ප්යාර් ව්යාර්" කියන චිත්‍රපටියට එකතු කලා.. හැබැයි නව සංගීතයත් එක්ක.. දකුණු ඉන්දියානු ගායකයෙක් වන "හරිහරන්" මහත්තයා තමයි මේ ගීතය අළුතින් ගායනා කලේ.. ඒත් පරණ ගීතය වගේ සංගීතය මිහිරි අඩු වුනාට, හරිහරන් මහත්තයාගේ ස්වර අලංකරණ වලින් මේ ගීතයට අළුත් එළියක් ලැබුනා කියලයි මට නම් හිතෙන්නේ..
ලංකාවේ මේ තනුව පාවිච්චි කරලා ගීතයක් ගායනා කලේ අපේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා.. කරුණාරත්න අබේසූරිය මහත්තයාගේ ගී පද වලින් තමයි මුල් තනුව හැඩවැඩ ගැන්නුනේ..
මේ ගී.. කාටදැයි.. ඔබ දන්නවා ඇති.. හිත මගේ පිදු හැටී.. සිහිවේ නොනැවතී.. මේ ගී...
ඔන්න පල්ලෙහා හින්දි ගීත වල යූටියුබ් විඩීයෝ ටිකයි.. ඒ ගීත වල එම්.පී3 ගොනු සියල්ලමයි තියෙනවා අපේ යාළුවොන්ට බා ගන්න.. ඔන්න සිංහල ගීතයත් තියෙනවා...
තුම් බින් ජාඕ කහා..1 - ප්යාර් කා මෝසම්
තුම් බින් ජාඕ කහා..2 - ප්යාර් කා මෝසම්
තුම් බින් ජාඕ කහා..3 - දිල් විල් ප්යාර් ව්යාර්
මේ ගී කාටදැයි... - ජෝතිපාල