හරි හරි.. ඔන්න අද ගෙනාපු සින්දුව ගමුකෝ මල්ලෙන් එළියට.. මේක සූ..පර් හිට් එකක් හොඳේ..
"මුජේ ධර්දේ දිල් කා බතා නා තා..
මුජේ ආප් කිස්ලියේ මිල් ගයේ..
මේ අකේලේ යූ බී මසීමතා..
මුජේ ආප් කිස්ලියේ මිල්ගයේ.. "
1965 තිරගත වුන "ආකාෂ්දීප්" (Akashdeep) කියන කළු සුදු චිත්රපටියට මොහොමඩ් රාෆි මහත්තයා තමයි මේ ගීතය සුමධුර හඬින් ගායනා කලේ.. පානි මජුම්ධාර් (Pani Majumdar) අධ්යක්ෂණය කරපු මේ චිත්රපටිය ඒ අවුරුද්දේ සූපර් හිට් එකක් වුනා.. ධර්මේන්ද්ර සමග මෙහෙමූද් තමයි ප්රධාන චරිත රඟපෑවේ.. ධර්මේන්ද්රව නම් ගොඩක් අය දන්නවා ඇති නේද ? සනී ඩියොල්, බොබී ඩියොල්, ඊෂා ඩියොල් කියන අයගේ ආදරණීය පියාණන් තමයි ධර්මේන්ද්ර.. ඉතින් චිත්රගුප්තගේ සංගීතයට මජුරූහ් තමයි ගේය පද ගැලපුවේ මේ අපූරු ගීතයට.. මේ චිත්රපටිය තිරගත වුන වර්ෂයේ වැදගත් සිද්ධි කීපයක් වුනා.. ඒවත් මතක් කරන්නම්.. ඔන්න කින්ග් ඛාන් "ෂාරුක් ඛාන්" ඉපදුනේ මේ අවුරුද්දේ.. ඒ කියන්නේ 1965.. ඒවගේම දෙවනි ලෝක යුධ සමයේ එන්ගලන්තයේ අගමැති වෙලා හිටපු වින්සන්ට් චර්චිල් මහත්තයාත් මරණයට පත්වුනේ මේ වර්ෂයේමයි..
(හරූන් ලන්ත්රා මහතා) - සිළුමිණ පුවත්පතෙන්-
දැන් හැමෝටම මේ තනුවට ගැයුණු සිංහල ගීතය මොකක්ද කියලා දන්නවා ඇති නේද ? හරි.. ඔන්න ඒකත් මල්ලෙන් එළියට ගන්නම්කෝ..
”මගේ නාමලී බැඳි ආදරේ..
මනමාලියයි මැණිකේ ඔයා..
ඔරුවේ නැගී එහි පාවෙවී..
අමනාපයෙන් පිටවී ගියා.."
1973 වර්ෂයේ තිරගත වුණ "ගොපළු හඬ" චිත්රපටියට හරූන් ලන්ත්රා තමයි මේ ලස්සන ගීතය ගායනා කලේ.. ටෝනි රණසිංහ සමග ජිවරාණි කුරුකුලසූරිය ප්රධාන චරිත රඟපෑ මේ චිත්රපටිය අධ්යක්ෂණය කලේ දමිළ අධ්යක්ෂකවරයෙක්.. ඒ තමයි කේ. වෙන්කට්.. කළු සුදු චිත්රපටියක් වුනාට මේකත් ඒ අවුරුද්දේ සූපර්ම හිට් එකක් වුනා..
ඔන්න පල්ලෙහා තියෙනවා කැමති අයට බලා ගන්න අහා ගන්න බා ගන්න.. ජයෙන් ජය.. :)
මුජේ ධර්දේ දිල් - ආකාෂ්දීප් (Mujhe Dhard E Dil - Akashdeep)
මගේ නාමලී - හරූන් ලන්ත්රා (ගොපළු හඬ) (Mage Namali - Haroon Lantra) (Gopalu Handa)
3 comments:
එල එල...
ආසාවෙන් කියෙව්වා..
මම මේක සැහෙන කාලයක් හෙව්වා... තැන්කූ මල්ලියා.....
සිංහල එක වඩාලස්සනයි නේ වඩා...?
හැමදාමත් වාගේ බොහොම ස්තූතියි....! හරිම ලස්සන සිංදු මේවා....
Post a Comment
වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...