:: Duniya main.. නොකියාම එදා.. ::
අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර වලින් පණ ගහපු රජරට පුත්තරයාට තව තවත් පැරණි ගීත අරගෙන එන්න හොඳ පණක් ලැබුනා... ඉතින් ප්‍රතිචාර දක්වපු දුකායියා, තිස්සායියා, විශ්මි, පුංචි සමනලී, බුදාජීව මලයා, රවීන්, තමීර, හසී, චමිල ඩී අල්විස්, පොඩ්ඩා, අංජු, නොදරුවා (සඳුනා), බිංකුවා, මහේෂ් රන්දර, හසිත මදුෂංක, සහන්, උෂාන් මලයා, රන්දීර මලයා ඇතුළු එකී මෙකී නොකී ප්‍රතිචාර දැක්වූ මගේ බ්ලොගට ආපු ගියපු හැමෝටම ස්තූතියි.. (නමක් ගමක් මග ඇරුනානම් සමාවන සේක්වා)
ඔන්න ඉතින් අදත් ගෙනාව ලස්සනම ලස්සන ඉතා ජනප්‍රිය අදත් ගැයෙන ඇහෙන ගීතයක්.. කොයි කාටත් මතක ඇති නේද මදර් ඉන්ඩියා (Mother India) චිත්‍රපටිය.. 1957 මෙහෙබූබ් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය ඒ වර්ෂයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වන්න පුළුවන් වුනා... නර්ගීස් ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටියේ සුනිල් දත් හා රාජේන්ද්‍ර කුමාර් නර්ගීස්ගේ පුතුන් දෙදෙනා ලෙස රඟපෑවා..
මේ ගීතය රචනා කලේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක මෙහෙබූබ් ඛාන් විසින්මයි.. සංගීතය නවුෂාඩ්ගෙන්.. ලතා මංගේෂ්කාර් මහත්මිය තමයි ගායනා කරන්නේ..
මේ චිත්‍රපටිය සම්මාන ගණනාවකට නිර්දේශ වුනා.. ඒ වගේම සම්මාන ගණනාවක් දිනා ගත්තා.. 1958 වර්ෂයේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටියට මෙය නිර්දේශ වුනා.. ඒ වගේම 1958 වර්ෂයේ ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම සංගීතය යන සම්මාන 05ම දිනා ගන්න මදර් ඉන්ඩියාට හැකියාව ලැබුනා.. මේ ගීතයේ යූටියුබ් වීඩියෝ එකයි, සින්දුව බාගන්න සබැඳියයි දෙකම පල්ලෙහා තියෙනවා ඕං...
හරි දැන් බලමු අපි මේකේ සිංහල කොපිය මොකක්ද කියලා.. පල්ලෙහා තියෙන යූටියුබ් වීඩියෝ එක බැලුවා නම් නිකම්ම දිව අගට එන්න ඇති සිංහල සින්දුව..
"නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා.. මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා.."
වසන්තා සන්දනායක ගායනා කල මේ ගීතය අද ගායනා කරන්නේ ඇයගේ මිනිපිරිය වන සුප්‍රියා අබේසේකර... ඔන්න ඒකත් තියෙනවා පහලින් බාගන්න...
ජය !!!
දුනියා මේ හමේ - ලතා මංගේෂ්කාර් (Duniya main hume - Latha Mangeshkar)
නොකියාම එදා - සුප්‍රියා අබේසේකර
Labels:
'50,
latha mangeshkar,
Naushad,
Sunil Dutt
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන
Subscribe to:
Post Comments (Atom)
14 comments:
මම කැමතිම පරණ සිංහල සින්දුවක්
mama hena kamati sinduywak
ෂා මේ තියෙන්නේ තවත් ලස්සන ගීතයක් නෙව.... :-)
මල්ලී සින්දුනම් තියනවා අම්බානක... ඒ වුනාට මේ වාගේ හැම අතින්ම විශිෂ්ඨ ඒවා හොයලා, ලියලා දාන එක අමාරුම වැඩක්... අනෙක සිංහල සිංදුවත් එක්කම..? උඹ අර ITN එකේ රංජිත් ගේ නෑයෙක් ද කොහෙද... නියමයි බං... මෙව්වා තමා බ්ලොග්...ලොකේ කොහේ හිටියත්, තුවාලෙකට බේත් දාගත්තා වාගේ... උඹේ මූලික වැඩ අතපසු නොකර දිගටම කරගෙන යමන් මල්ලියේ...
මම මේ සිංදුව පුදුම විදියට හෙව්වා. මට නෙවී අපේ තාත්තට. ස්තූතියි මචං.., උඹ කරන්නේ සිරාවට ම සේවයක්
ෂහ්.. අපූරු ගීතයක්..... මේ චිත්‍රපටයත් නියමයි.... කැමතිම පැරණි චිත්‍රපටි වලින් එකක්..... සිංහල ගීතයෙ එක නොගැලපෙනවයි දැනෙන වචනයක් හැර සෙස්සට කැමතියි...... ඔන්න මම 'කභී කභී' ගීතයෙ අර්ථය දැම්ම..... ඊලඟට 'හමේ තුම්සෙ' ගීතයෙ අර්ථය දාන්නම්...... :) ස්තුතියි යාළුවා.......
අපොයි මම දැන්නෙ දන්නෙ මේ සින්දුවත් කොපියක් කියල. මොනා උනත් දෙකම ලස්සන සින්දු. ස්තූතියි
මල්ලියා අම්බානකට සමාවෙන්න ඕන . . පහුගිය කාලේ අදික වැඩ නිසා මේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් වත් දාන්න බැරි උනා. තිස්ස කිව්වා උඹ මේ බ්ලොග් එක නවත්වන්න හිතුවා කියලා කිව්ව කියලා. . . මේ පිස්සු නම් කෙලින්න එපා. මේක කොයි තරම් අගනා වැඩක්ද . . .
මදර් ඉන්ඩියා ගැන කියනවනම් මම ඒක බැලුවේ මට වයස 13 දී විතර . . අපේ ගෙදරට එහ ගෙදර අන්කල් රට ඉඳන් එන කොට අරන් ආවේ. අපේ අම්මත් හිංදි ෆිල්ම් උන්මාදයකින් හිටපු නිසා අපි ඔක්කෝම මේ ෆිල්ම් එක බලන්න ඇති එපා වෙනකම්ම ඒත් තාමත් උපා වෙලා නෑ. එච්චර ම ලස්සන ෆිල්ම් එකක් මේක. මේ සිංදුවත් ඒ වගේ. අම්මා හරියට මහපොලොව ඒගේ කියනවනේ . . හැම දේම දරා ගන්න හැකියාවක් අම්මට තියෙනවා. මේ ගීතයේ ඒ ගතිය හොඳින්ම පෙන්නුම් කරනවා. . .
උඹේ අගනා සේවයට මගේන් මල් මිටක් චූටි මල්ලියෝ . . .
වැප්, බිඟුවා, පුංචි සමනලී - ඕගොල්ලන්ගේ ප්‍රතිචාර තමයි මගේ පැට්ට්‍රල්.. ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න දුර දුවන්න පුළුවන්.. ස්තූතියි ගොඩා..ක් යාළුවනේ..
තිස්සායියා - ඇත්ත අයියණ්ඩි.. මේක නම් ටිකක් කට්ට කන්න වෙන වැඩක්.. නිකම්ම බ්ලොග් එකක් කරනවාට වඩා අමාරු වැඩක්.. මොකද හින්දි එකයි ඒකේ සිංහල එකයි හොයන එක නිකං මොනවද හොයනවා වගේ හින්දා.. ඒ වුනාට ඉතින් මම පොඩි කාලේ ඉඳන් (තාම පොඩි එකා තමා.. :D) මෙව්වා අහපු හින්දා කණ ගානට ටියුන් වෙලා තියෙන්නේ සින්දුවක් ඇහෙද්දිම අල්ලගන්න පුළුවන් වෙන ගානට.. ඔව් අයියණ්ඩි.. Duty First කරලා මගේ වැඩ රාජකාරි අතපසු නොවෙන විදිහට තමයි දැනට මේ වැඩේ ඇදගෙන යන්නේ.. ඒකයි ලිපි ටිකක් පරක්කු.. අයියණ්ඩිගේ සහයෝගේට ගොඩක් ස්තූතියි.. මේ පැත්තේ ආපු වෙලාවක අනිවා හම්බෙමු.. :)
ලිෂ්විෂ් - මගේ මේ වැඩෙන් කාට හරි සෙතක් සේවයක් වෙනවා නම් මට ඒ ඇති.. උඹ මට අර දෙනවා කියපු සින්දු සෙට් එක දෙන්න එහෙම අමතක කරන්නෙපා හොඳද කොලුවෝ ? මම නිවාඩුවක් දාලා හරි එනවා ඒ ටික අරං යන්න.. තාත්තාවත් අඳුනා ගමුකෝ එතකොට..
විශ්මි - තව මේ වගේ සින්දු පෝළිමක් මග.. ඒවාත් බලන්න.. මම ඔයාගේ බ්ලොග් ලිපිය බැලුවා.. තව සින්දු වලට තේරුම ලියන්න.. මම මේ බ්ලොග් එකෙත් ඔයාගේ ලිපියක් දාන්නම්.. ඒකට සිංහල සින්දුවක් තිබ්බොත් ඒකත් දාමු..
තරිඳු - අන්න ඔය දේත් මගේ එක අරමුණක්.. සිංහල සින්දුව හින්දි එකක කොපියක් කියලා නොදන්න අයට කියලා දෙන එක.. ඉතින් මේ වගේ සින්දු තව අරගෙන එන්නම්.. දිගටම බලන්න.. ස්තූතිය ප්‍රතිචාරෙට..
දුකායියා - මගේ අයියණ්ඩියේ, උඹේ වචන දෙකත් මට නිකං විටමින් පෙත්තක් වගේ.. මාර කික් එකක් එන්නේ තව තව සින්දු ගැන ලියන්න.. ඒත් ඉතින් රාජකාරි හින්දා ටිකක් විතර හිමීට තමයි ලියවෙන්නේ.. කොහොමහරි සතියකට සින්දු 03ක් වත් අඩුම ගානේ දාන්න බලනවා.. දුකායියාත් ආස සින්දු තියෙනවා නම් කියන්න.. මම ටිකක් හොයලා බලලා හින්දි සිංහල සින්දු දෙකම දෙන්නම්.. පින් මට විටමින් ගහනවාට.. :) :) ආහ් මල් මිට ටත් පින් ඈ.. :)
Post a Comment
වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...