:: Ehsan Mere.. සුරැකීමට හෝ.. ::



අදත් අරගෙන ආවා තවත් ජනප්‍රිය පැරණි හින්දි ගීයක්... හින්දි ගීතයක් කිව්වට මේ ගීයේ තනුව විතරයි ගොඩක් දෙනෙක් අහලා ඇත්තේ.. සිංහල ගී නම් හැමෝම වගේ දන්නවා.. හරි අපි බලමුකෝ මුලින්ම මේ හින්දි ගීතය මොකක්ද කියලා...

"එහ්සාන් මෙරේ දිල්පේ තුමාරාහේ දෝස්තෝ
යේ දිල් තුමාරේ ප්යාර්කා මාරාහේ දෝස්තෝ"

1966 තිරගත වුන "ගබන්" (Gaban) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ක්‍රිෂාන් චොප්රා සමග හ්රිෂිකේෂ් මුඛර්ජි අධ්‍යක්ෂණය ‍කරපු මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ "හිට්" එකක් වුනා.. ප්‍රධාන චරිත රඟපෑවේ සුනිල් දත් සමග සධානා කියන ජනප්‍රිය නිළියයි.. ශංකර් - ජයකිෂන් සහෝදර දෙපළ තමයි සංගීත අධ්‍යක්ෂණය කලේ.. හස්රත් ජයපූරීගෙන් තමයි ගේය පද ලියවුනේ.. සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි තමයි මේ ගීතය ගායනා කරන්නේ.. පල්ලෙහායින් බලාගන්න බාගන්න පුළුවන් ඕං..



එහ්සාන් මෙරේ දිල්පේ - ගබන්


හරි දැන් අපි බලමු මේ මුල් ගී තනුවට ගැයුනු සිංහල ගී මොනවද කියලා.. ඉස්සෙල්ලාම අපේ රසික රසිකාවියන්ට මතක් වෙනවා ඇති මෙන්න මේ ලස්සන සින්දුව...

"සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ..
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගේ ආදරේ.."

ට්‍රිප් එකක් ගියොත් බජව්වක් දැම්මොත් මම අනිවා කියන සින්දුවක් තමයි මේක.. ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා ගායනා කරපු කරුණාරත්න අබේසේකර මහත්තයා ලියපු ලස්සනම ලස්සන අදටත් ගොඩක් ගොඩක් ගොඩක් ජනප්‍රිය සින්දුවක්.. ප්‍රියංකර පෙරේරා, චලක චමුපති වගේම සුපර් ස්ටාර් බලකාය වල් වල සාමාජිකයොත් මේ සින්දුව හරි අපූරුවට ගායනා කරනවා.. සින්දුව බාගන්න ඕනේම නම් පල්ලෙහා බලන්න..



සුරැකීමට හෝ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා


හරි "එහ්සාන් මෙරේ" ගීතයේ තනුවට ගායනා වුන තවත් ජනප්‍රිය ගීතයක් තමයි දැන් දෙන්න යන්නේ.. බලන්න මතකද කියලා..

"මේ ලෝක තලේ සුරකින ශ්‍රී විශ්ණු දේවනේ..
රැක දෙනු මැන මේ අප හට ශ්‍රී සම්බුද්ධ ශාසනේ.."

අල්හාජ් මොහිදීන් බෙග් මහත්තයා තමයි මේ ගීතය ගායනා කරන්නේ.. පෝය දවස් වලට, කතරගම පැත්තේ එහෙම ගියපුවාම එහෙම මේ ගීතය අහන්න පුළුවන් වැඩිපුර.. හින්දි ගීයේ තනුව ටිකක් විතර වෙනස් කරලා තමයි මේ ගීතය හදලා තියෙන්නේ.. ඔන්න වෙනස අහන්න ඕනේ නම් සින්දුව පල්ලෙහායින් බාගෙනම බලන්න..



මේ ලෝක තලේ - අල්හාජ් මොහිදීන් බෙග්

පුළුවන් නම් හැකි පමණින් කමෙන්ට් එකක් දාලා යන්න ඈ.. එව්වා තමයි තෙල් කොල්ලෝ.. :) අදට මෙච්චරයි ළමයිනේ.. අපි ගියා ඕං..
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

6 comments:

Ansh Lucky Sri Jay said...
May 6, 2010 at 5:53 PM

ශා..! මරු..
මේකත් මගේ ප්‍රියතම ගීතයක්.
විශේෂයෙන්ම රාෆිගේ සින්දුවට තමයි මම වැඩියෙන්ම කැමති.

Raven said...
May 6, 2010 at 7:15 PM

ෂහ්. මේ හින්දි ගීතයට මම සෑහෙන කැමතියි.
මිල්ටන් පෙරේරා මහත්මයගෙ ගීතයත් සෑහෙන ජනප්‍රිය උන ගීතයක්නෙ.
ස්තූතියි මචන්.

විශ්මි said...
May 6, 2010 at 8:41 PM

මේ ගීත තුනම අහල තියෙනවා.. හින්දි ගීතයත් හරිම ලස්සනයි..... සිංහල ගීත දෙකම හුඟක් ජනප්‍රිය වුන ගීතනෙ..... ස්තූතියි උදාර........

ත‍රිඳු said...
May 6, 2010 at 8:48 PM

එල....
එහෙසාන් මෙරා හෝගා තුජ්පේ දිල් චාහ්තා හේ වෝ කෙහෙනේ දෝ

මේ සින්දුවටත් සින්හල සින්දුවක් තියෙනවද ?

මින්දද said...
May 6, 2010 at 10:25 PM

හින්දී ගීතය අහුවේ අදමයි.. ස්තූතියි මචන්! නියමයි උදාර !!

වැම්පයර් said...
May 21, 2010 at 5:29 PM

තෙල් ටික!!

Post a Comment

වචනයකින් දෙකකින්වත් දිරිය දෙන්න...